ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් අයිඑස් ත්‍රස්තවාදීන් පරාජය කරන තුරු සිය රටේ හදිසි නිතිය පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි ප්‍රංශ අගමැති මනුවෙන් චාර්ල්ස් පවසයි.
පසුගිය නොවැම්බර් මස 13 වැනි දින ප්‍රංශයට හදිසි නීතිය පනවන ලද්දේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවය. යුරෝපයේ සංක්‍රමණික ගැටළුව හේතුවෙන් ත්‍රස්ත අවදානම ඉහළ ගොස් ඇති බවත් හදිසි නීතිය පැනවීමෙන් පොලිසියට සැකකරුවන් සොයා ගැනීමේ වැඩිබලතල හිමිවීම අයිඑස් ත්‍රස්ත ක්‍රියා නැවැත්වීමට මහෝපකාරී වන බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

