ප්‍රචණ්ඩ ක්‍රියා මැද බංග්ලාදේශයේ ඡන්ද විමසීම අවසන්


ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ බංග්ලාදේශ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (30) පස්වරුවේ අවසන් විය.
 
ඡන්ද විමසීම එරට වේලාවෙන් පස්වරු 4ට අවසන් වූ අතර ඡන්ද විමසීම පැවැති කාලයේදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
මහ මැතිවරණයෙන් එරට අගමැතිනි ෂීක් හසීනා ජයග්‍රහණය කරනු ඇතැයි පැවසේ.
 
විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කරන බවට ද ෂීක් හසීනා පාලනයට චෝදනා එල්ල වී තිබේ. 
 
 
ඒ.එෆ්.පී ඇසුරිනි
 
(055)