පලස්තීන ආණ්ඩුකාරවරයා නිවාස අඩස්සියේ



 
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පලස්තීන ආණ්ඩුකාර අද්නාන් ගෙයිත් නිවාස අඩස්සියේ රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඉකුත් නොවැම්බර් 25 වැනි දා ගෙයිත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ජෙරුසලම මහෙස්ත්‍රාත් චාවි ටෝකර් මහත්මිය නියෝග කළාය.


නැගෙනහිර ජෙරුසලමේ ඇති ගොඩනැගිල්ලක් යුදෙව් වෙළඳුන්ට විකිණීමට තැත් කිරිම සම්බන්ධයෙන් මොවුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.


මෙවැනි විකුණුම් පලස්තීනුවන් අතර දේශදෝහී ක්‍රියාවක් ලෙස සැළකේ.

(28535)

(අල් ජසීරා)