ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරය වාර්ෂික පිරිත් පිංකම් සතියක් පුරා අත්‍යලංකාරයෙන් කැරිනි. ප‍්‍රධාන සංඝ නායක බේරුවල සිරි සෝභිත නාහිමිගේ අනුශාසනා පරිදි පර්ත් නුවර පදිංචි දායක දායිකාවන්ට සෙත් පතා පවත්වන ලද පිංකමට පල්ලේවෙල විසුද්ධවංශ හිමි, විල්පිට සුධම්මාලංකාර හිමි, වලස්ගල පඤ්ඤාසිරි හිමි, දමන සුගතධම්ම හිමි, ගලහිටියාගොඩ අස්සජි හිමි සහභාගි වූහ.


