නවසීලන්ත දූපතේ ස්ටුවට් වෙරළ තීරයේදී මියගිය තල්මසුන් 145කගේ සිරුරු හමුවී ඇත.
සෙනසුරාදා දිනයේ වෙරළේ ඇවිදිමින් සිටි පුද්ගලයෙක් විසින් මෙම සතුන් සොයාගෙන ඇත.
තල්මස් ගහණයෙන් අඩක් පමණ මේවන විට මියගොස් ඇති බවත්, ඉතිරි තල්මසුන් ආරක්ෂා කරගැනීම දුෂ්කර බවත් බලධාරීන් පැවසූහ.
කුඩා වර්ගයේ තල්මසුන් 12 ක් සහ තල්මස් බිත්තර සතිඅන්තයේදී නවසීලන්ත වෙරළට ගොඩගසා තිබුණි.
තල්මසුන් සුළු ප්‍රමාණයක් පමණක් ජීවත්ව සිටීම කණගාටුවට පත්වන බව කලාපීය සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.
මෙවැනි සිදුවීම් නවසීලන්තයට අසාමාන්‍ය සිදුවීම් නොවන බවත්, එක් වර්ෂයකට මෙවැනි සිදුවීම් 85ක් පමණ සිදුවන බවත් කලාපීය සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.
තල්මසුන්ට විවධ රෝගවලට ගොදුරුවීම, ජලතරණයේ අති වන දෝෂ, වඩදිය බාදිය බලපෑම හෝ විලෝපිකයන්ගෙන් ඇතිවන හානි වැනි හේතු නිසා තල්මසුන් මේ ආකාරයට මිය යෑම සිදුවේ.
(63226 )
බීබීසී ඇසුරෙනි