නයිජීරියාවේ සිනමා ශාලාවක සිදුවු වෙඩි තැබීමකින් 11ක් මරුට


නයිජීරියාවේ වයඹ දිග සම්ෆාරා පළාතේ ග්‍රාමීය සිනමා ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 11දෙනකු මියගොස් 20දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ශාලාවේ සිනමා පටයක් නරඹමින් සිටි පිරිසක් වෙත පැමිණි තුවක්කු රැගත් පිරිසක් වෙඩි තැබූ බවත් බියට පත්වූ සිනමා ලෝලීන් පලාගිය බවත් බලධාරීහු පවසති. 

ප්‍රහාරය සඳහා සිනමාශාලාවක් ඉලක්ක කර ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි.කෙසේ වුවද පසුගිය මාස කිහිපයේ පුරු සම්ෆාරා ප්‍රදේශයේ මෙවැනි  ක්‍රියා සිදුවූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් 400ක් පමණ මෙම වර්ෂය තුලදී ඝාතනයට ලක්ව ඇති බවයි.

(බීබිසි ඇසුරිනි - 085)