මුදල් ප‍්‍රවාහනය කරමින් තිබූ රථයකින් මහ පාරට වැටුණු මුදල් පිරි පෙට්ටියක් නිසා හොංකොං වැසියන් පිරිසකට නත්තල කලින්ම උදා විය.
මුදල් පෙට්ටිය වැටුණු බව නොදැන රථය ඉදිරියටම ධාවනය වුණු අතර විසිරී ගිය මුදල් නෝට්ටු එකතු කර ගැනීමට අවට සිටියෝ කටයුතු කළහ.
සිදුව ඇති දෙය තේරුම් ගෙන මුදල් ප‍්‍රවාහනය කරමින් තිබූ රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් මුදල් පෙට්ටිය සොයා පැමිණෙන විට ප‍්‍රමාද වැඩිය. පාරට වැටී තිබුණු මුදල් කොළ කිහිපයක් හැරෙන්නට ඉතිරි සියල්ල සුද්ධ වී තිබුණි.
තවත් මුදල් සොයා දඟලමින් සිටි කිහිපදෙනා බියගන්වා ඉවත් කළ ඔවුහු වැටී ඉතිරිව තිබූ මුදල් රැස්කර ගත්හ.
පවුම් එක් ලක්ෂ විසිපන්දහසක පමණ මුදලක් අස්ථානගතවී තිබෙන බව සඳහන්ය.
‘තෑගි‘ ලෙස ගත් මුදල් නොට්ටුවල අංක තමන් සතුව ඇති බවත් එම නිසා එම මුදල් පරිහරණය කර අනතුරේ නොවැටී ඒවා වහා භාරදෙන ලෙසත් පොලිසිය නිවේදනයක් නිකුත් කර ඇත. නමුත් මේ දක්වාම කිසිවෙකුත් ඊට ප‍්‍රතිචාර දක්වා නොමැත.




