භාෂා දෙකක් හෝ ඊට වැඩි ගණනක් චතුරව භාවිතා කළ හැකි පුද්ගලයින්ගේ මොළය අන් අයට සාපේක්ෂව ඉහළ කි‍්‍රයාකාරීත්වයකින් යුතු වන බව බි‍්‍රතාන්‍යය පර්යේෂකයෝ පිරිසක් කියති.
පුද්ගලයින් පිරිසක් ආශ‍්‍රය කොට ගෙන සිදුකර ඇති පර්යේෂණයකට අනුව මේ බව හෙළිව තිබෙන අතර එම පුද්ගලයින් සියලූදෙනා කුඩා අවදියේ සිටම භාෂා 2 ක් හැසිරවීමට පුරුදුවූ අය වේ.
පෙර පළව තිබූ මතයක් වූයේ භාෂා 2 ක් ඉගෙනුමට කුඩා කාලයේ සිටිම පුරුදුවිය යුතුව ඇති බවයි.නමුත් මේ පර්යේෂකයින් පවසන්නේ තරුණ හෝ වැඩිහිටි වියේ වුවද භාෂා 2 ක් හෝ ඊට වැඩි ගණනක් ඉගෙනුමට ඕනෑම කෙනෙකුට හැකියාව ඇති බවයි.
මෙසේ භාෂා ඉගෙනීමේදී මොළයේ ඇති ශ්වේත ද්‍රව්‍ය නම් කලාපය වර්ධනය වන බවත් එය මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතුවන බවත් ඔවුහු කියති.
මෙසේ ශ්වේත ද්‍රව්‍ය කලාපය වර්ධනය වීම යනු මහලූ වියේදී නොවැළැක්විය හැකි පරිදි සිදුවන මොළයේ කි‍්‍රයාකාරීත්වය අඩු වීම යම්තාක් දුරට හෝ අවම කරන්නක් බව පර්යේෂක පිරිස පවසති.



