මිනිසාට ආදේශ කර තිබෙන උතුම් ගුණාංග සතුන් අතරේද තිබෙන බව පසක් කරන අපූරු සිදුවීමක් පසුගියදා ඉන්දියාවේ දුම්රිය මාර්ගයක් අසළ දැකගත හැකිවිය.
දුම්රිය මාර්ගයේ සිහිවිසඥව වැටී සිටි වඳුරෙක් විය.සිහිවිසඥව ඇත්තේ විදුලිය කවා තිබුණු දුම්රිය පීලි වල ගෑවීම නිසා බව පෙනුණි.
ඈතින් දුම්රියක් එන බව ඇසුණි.අසල සිටි ගසකින් බිමට පැන ගත් වඳුරෙක් වහ වහා සිහිවිසඥව වැටී සිටි තම සගයා අසළට පැමිණුනි.
අතගෑවද, සපා කෑවද, වැරෙන් සෙළවූවද සගයා නැගිටින සෙයක් පෙනෙන්නට නොවීය.අන්තිමේදී මිතුරාගේ සිහිසුන් සිරුර ඇදගෙන ගිය යහපත් වඳුරු තෙමේ එය දුම්රිය මග අසළ තිබූ වතුර වළකට හෙලීය.
උත්සාහය සාර්ථකය.සිහිසුන් වඳුරා සෙමෙන් අවදි විය.මිතුරා ඇඳීන ගත්තේය.
දුම්රිය දැන් ළඟ ළඟය.දෙදෙනාම පසෙකට පැන දිවි ගලවාගත්තේ අනූනවයෙනි.
දුම්රිය ගිය පසු නැවත වරක් දෙදෙනා දුම්රිය මාර්ගය අයිනේ හිඳගෙනය.පියවි සිහිය ලැබූ වඳුරා තම දිවිගලවාගත් මිතුරාගෙන් සම්භාහනයක් ලබාගනු දැකගත හැකිවිය.
මේ සිදුවීම වීඩියෝ ගත කිරීමට අසළ සිටියෝ කටයුතු කර කළහ.අන්තර්ජාලයට මේ වන විට එක්කෙරී ඇති එය දහස් ගණනක් දෙනා අතර හුවමාරුව ඇත.








