දිල්ලියට ගහන අයි.එස් සැලසුම වරදී : හතරක් සැකපිට


දිල්ලිය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රහාරයක් දියත් කිරිමට අයි එස් සටන්කාමින් ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව  ඉන්දියා මාධ්‍ය වාර්තා කළේය.

එම සිද්ධියට සම්බන්ධ හතර දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.

දිල්ලියේ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ පෙළක් ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කොට තිබූ බව විමර්ශනයේ දී අනාවරණය විනැයි ඉන්දියා මාධ්‍ය කියයි.

 සැකකරුවන් වයස 19ත් 23ත් අතර වන තරුණයන් බවත්,  ඔවුන් අන්තර්ජාලය (ෆේස්බුක් හා වට්ස්ඇප්) හරහා සිරියාවේ හා ඉරානයේ අයිඑස් සටන්කාමින් සමග සම්බන්ධතා පවත්වා ඇති බවටත් කියති.