දෙදෙනාම සත්ත්ව ලෝකයේ දැවැන්තයෝය. තම පැටියාට අනතුරක් වේයැයි සිතූ රයිනෝ මව දැවැන්ත හස්ථියකු සමග පොරබදන්නේ තම දිවි පරදුවට තබමිනි. දැවැන්තයන් දෙදෙනාගේ සටන අවසන් වන්නේ රයිනෝ මව බිම ඇද වැටීමෙනි. රයිනෝ පරාජයට පත්වූ පසු අලියා ඉවත්ව ගියේය. තම මව සටන් කරන අයුරු විස්මිතව බලා සිටි රයිනෝ පැටවා මොහොතකින් මව අසළට පැමිණ ඇය අසළ දැවටෙන්නට විය. කෙඳිරිලි හඬ නගමින් දඟලමින් සිටි රයිනෝ මව පැය දෙකකට පමණ පසු නැගිට අපහසුවෙන් වනයට ගිය ද දින දෙකකට පමණ පසු ඇය මියගොස් සිටි බව දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා උද්‍යාන භාරකරු පවසයි. අලියාගේ ප්‍රහාරයෙන් ඇතිවූ තැලුම් තුවාල වලින් ම රයිනෝ මව මියයන්නට ඇතැයි ඔහුගේ අදහසයි.
හොඳින් වැඩුණු රයිනෝ මව හා මදකිපුණු දැවැන්ත හස්ථි රාජයාගේ ද්වන්ධ සටන ඡායාරූප ශිල්පියකුවන ලුයිස් කොක් සහ ඔහුගේ බිරිඳ මාර්තී විසින් ඡායාරූපයට නගා ඇත.












