මුව පොව්වෙකුට දාරක ස්නේහයෙන් සළකන ව්‍යාඝ‍්‍ර ධේනුවක දැකවෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ.
ඉන්දියාවේ ටඩෝබා අන්හාරි ව්‍යාඝ‍්‍ර අභය භූමියේදී ගත් මේ ඡායාරූපයන්ගේ ගැබ්බර ව්‍යාඝ‍්‍ර දෙනක් මුව පොව්වෙකුට තමන්ගේම පැටවෙකුට සේ සළකනු සටහන්ව ඇත.
මුව පොව්වාව ලෙව කනු,පිරිමදිනු,ව්‍යාඝ‍්‍ර පැටවෙකු ගෙනයන්නා සේ ගෙලෙන් අල්ලාගෙන ඔසවාගෙන යනු ආදී ඡුායාරූපයන් රැසක් මේ අතර තිබේ.
මේ ඡායාරූප ගනු ලැබ ඇත්තේ අභයභූමිය නැරඹීමට පැමිණි සංචාරකයෙකු වන පවන් මෙනොන්ය. ව්‍යාඝ‍්‍ර ධේනුව හා මුව පැටවා පැය භාගයක් පමණ සෙල්ලමේ යෙදී සිටි බව ඔහු පවසයි.
බිහිසුණු දඩයක්කරුවා හමුවේ මුව පොව්වා නම් සිටියේ බියට පත්ව වුවත් ව්‍යාඝ‍්‍ර ධේනුවටනම් පැටවා මරා දැමිීමේ කිසිදු වුවමනාවක් පෙනෙන්නට නොතිබූ බව ඔහු කියයි.
මෙනොන් පවසන ආකාරයට සෙල්ලම අවසානයේ ව්‍යාඝ‍්‍ර ධේනුවම මුව පොව්වාව තම හොම්බෙන් ඇන තල්ලූ කරමින් පිටව යන ලෙස පවසා ඇත.
මාංශ භක්ෂකයින් වුවත් දඩයම් කරන්නේ අවශ්‍ය වෙලාවට පමණක් බව පෙන්වන හොඳ අවස්ථාවක් ලෙස මෙනන් මේ සිදුවීම දකී.







