පැරීසියේ සුප්‍රසිද්ධ ග්‍රාවින් මැටි රූප කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබූ රුසියා ජනාධිපති වැලැඩිමීර් පුටින්ගේ පිළිරුවට පා පහරක් එල්ල කැර බිම දමා වැරදිකාරිය වූ පැරීසියේ අඩ නිරුවත් කාන්තා හඬ සංවිධානයේ සමාජිකාව වන ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලබන 26 හැවිරිදි යුක්රේන් ජාතික යනා ජඩනෝවාට පැරීසියේ ඉහළ උසාවිය දඩයක් නියම කළේය.
තීන්දුවට විරුද්ධව එම සංවිධානයේ සමාඡිකාවෝ පැරීසියේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපස තම විරෝධතාව දැක්වූහ.
උඩුකය නිරුවත් කැර ගත් තිස් දෙනෙක් පමණ ඊට සහභාගී වූහ.





