
වයඹදිග පාකිස්තානයේ, ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කට වැඩිය.
බෝම්බ එල්ල වූයේ ස්වාත් නිම්නයේ කයිබර් පක්තුන්කාවා පළාතේ ස්ථාපිත කර ඇති ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලටය.
කයිබර් පක්තුන්කාවා පළාතේ පොලිස් ස්ථානය, මෙන්ම කයිබර් පක්තුන්කාවා අතිරේක පොලිස් බලඇණි මූලස්ථානය ද පිහිටා ඇත්තේ මෙම ගොඩනැගිල්ලේය.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාරගෙන නැත. කෙසේ නමුත් එය පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවක් බව සැක කෙරේ.
(අල් ජසීරා)

