අවසාන මොහොතේදී ඇඳ සිටි කලිසම අතට හසුවීම නිසා තට්ටු හයක ගොඩනැගිල්ලකින් බිමට පැන්න තම ස්වාමියාගේ ජීවිතය බේරා ගැනීමට චීනයේ චැන්ග්චුන්ග් ප‍්‍රදේශයේ කාන්තාවක සමත්වූවාය.
ඇයගේ කෑගැසීම අසා රැස්වූවන් පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කළෝය.
පොලිස් නිලධාරීන් පැමිණ සැමියා බේරා ගත්හ. සැමියාව බිමට වැටීමට ඉඩ නොදී ඔහු ඇඳ සිටි කලිසමෙන් අල්ලාගෙන සිටියාය.
මානසික ව්‍යාකූලතාවයකින් පසුවන්නේයැයි සොයාගෙන ඇති හෙයින් බේරාගත් සැමියා දැන් සිටින්නේ රෝහලේය.

