සෝල්හිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් අතර ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත හමුවට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ද සහභාගී වීමට ඉඩ ඇතැයි දකුණු බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් අතර පැවැත්වීමට නියමිත හමුවට පෙර පැවැත්වෙන මූලික සාකච්ඡාවල ප්‍රගතිය අනුව දකුණු කොරියා නායකයාගේ සහභාගීත්වය තීරණය වන බව දකුණු කොරියා ජනාධිපති කාර්යාලය නිලධාරිහු කීහ.
(055)

