ජර්මනියේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී දරුවන් තිදෙනෙකු මරුට


ජර්මනියේ මධ්‍යම හෙසේ පළාතේ එළිමහනක සිටි පිරිසක් වෙතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් කුඩා දරුවකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
මියගිය අනෙක් දෙදෙනා කාන්තාවන් වන අතර ගුවන් යානය පහත් කිරීමේදී සිදුවූ දෝශයක් නිසා අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
 
අනතුරින් ගුවන්යානයේ සිටි හතර දෙනා ඇතුළු පස් දෙනකු තුවාල ලබා ඇත. 
 
සිද්ධිය සම්බන්දව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
 
(බීබිසි ඇසුරිණි - 085)