
ජපානයේ හොකයිඩෝ පළාත භූමි කම්පාවකින් කැලැඹිණි. අද (11) අලුයම හටගත් එම භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6 ක් සටහන් කළේය.
ජපාන භූ විද්‍යාඥයන් පැවැසුවේ, භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 46 ක් පෘථිවි අභ්‍යන්තරයේ ඇති බවය. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොල හානි හෝ සිදු නොවිණි.
ජපානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූ කම්පන හට ගැනීම ස්වභාවිකය.

