මධ්‍යම ජපානයේ ඔන්ටාකේ ගිනි කන්ද අද හදිසියේ පුපුරායාමෙන් පුද්ගලයන් හත් දෙනකු අතුරුදන්ව 32ක් තුවාල ලබා ඇතැයි ජපානයේ මාධ්‍ය ආයතන වර්තා කරයි. ටෝකියෝ නගරයේ සිට කිලෝ මීටර 250ක් පමණ බටහිරින් මේ ගිනි කන්ද පිහිටා ඇත.
ගිනිකන්ද පුපුරා යාමෙන් පිටවන අළුවලින් අඟල් 20ක් පමණ උසට පොළොව වැසී අති බව ගම්වාසීන් කියයි. පිපිරීම සිදුවන අවස්ථාවේ කඳු නගින්නන් 250ක් පමණ එම ප්‍රදේශයේ සිටි බව ද වාර්තා වෙයි. දිවි බේරාගැනීමට ඔවුන් පහළට දිව ගිය ද අළු හා පෙරළෙන ගල්වලින් බේරීමට නොහැකි වී ඇත.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මේ ගිනි කන්ද පුපුරායන බවට කිසිදු පූර්ව දැනුම් දීමක් නිකුත්කැර තිබුණේ නැත. ආපදා සහන සේවා ඒකක පවසන්නේ කන්දේ පදිංචිව සිටින පවුල් 250ක් පමණ ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි.
ගිනි කන්ද අවසන් වරට පිපිරී ඇතතේ 2007 වර්ෂයේ දී ය.











