හදවත් සැත්කමක් සිදුකරමින් සිටිනාතුර විදුලිය විසන්ධිවීම නිසා තම තමන්ගේ ජංගම දුරකථන ආලෝකයෙන් පිහිටෙන් සැත්කම සාර්ථකව සම්පූර්ණ කිරීමට කිර්ගිස්තාන ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට සිදුවිය.
ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා තැන සැත්කම සිදුකරද්දී අනෙක් වෛද්‍යවරු ඊට තමන්ගේ ජංගම දුරකථන වලින් ආලෝකය ලබා දුන්හ.
මේ පුවත කණවැකුණු ප්‍රදේශවාසීහු එකතුව රෝහලට විදුලි ජනක යන්ත්‍රයක් මිලට ගෙන දීමට මුදල් එක්රැස් කරති.
විදුලි බලය ඉතිරි කරගැනීමට යැයි කියා කිර්ගිස්තාන රජය විටින් විට විදුලිය කප්පාදු කරන අතර එයින් බලවත් පහරක් වැදී ඇත්තේ ඉතා අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වන එරට වෛද්‍ය සේවයටය.




