බි‍්‍රතාන්‍යයේ නෙස්ලේ සාමාගමේ පර්යේෂකයෝ පිරිසක් චොකලට් වලින් තැනූ තේ පෝච්චියක තේ පිළියෙල කළෝය.
චොකලට් උණූව යෑමට ඉඩ නොදී තේ පිළියෙළ කළ හැකිදැයි සොයාබැලීම තම අරමුණ වූ බව ඔවුහු කීවෝය.
විනාඩි 2 ක පමණ කාලයක් තේ පෝච්චිය උණුව දිය නොවී නිරුපද්‍රිතව තිබුණි.
පිළියෙල කරන ලද තේ චොකලට් රසැති හා රසයෙන් ප‍්‍රණීත බව පර්යේෂකයෝ පැවසූහ.
තේ පෝච්චිය කෙසේ නිපදවිය යුතුදැයි සැළසුම් කිරීමට සති 6 ක් ගතව ඇති බව සදහන්ය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විචාරකයින් පවසා තිබුණේ පර්යේෂකයින් ‘‘සෙල්ලම්‘‘ පෙන්වමින් නොසිට සියළු දෙනාටම වැඩක් ඇති දෙයක් නිපදවීමට කාලය වෙන් කළ යුතුව තිබුණු බවයි.



