චීනයේ වයඹ දිග ෂිංජියෑංහි රසායනික බලාගාරයක පිපිරුමකින් තිදෙනකු මියගොස් හය දෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත.
නැගෙනහිර හෙබෙයි පළාතේ කම්හලක ගෑස් කාන්දුවකින් පසුගිය මාසයේ 23දෙනක් මියගියහ.
කර්මාන්තශාලාවල ආරක්ෂක ප්‍රමිතීන් සම්බන්ධව සැලකිලිමත් නොවීම ගැන චීන රජය කෙරෙහි පොදු මහජනතාවගේ දැඩි විරෝධය එල්ල වී තිබෙන බව පැවසේ.
කාර්මික ප්‍රමිතීන් ඉහළ දැමීමට චින රජය පොරොන්දු වී තිබුණද දිනෙන් දින එය ප්‍රමාද වීම සම්බන්ධයෙන් පරිසරවේදීහු ද බිය පළ කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

