චීන යුද ගුවන්යානා දෙකක් තායිවානයේ ගුවන් සීමාවට ඇතුල්වී ඇතැයි තායාවාන් බලධාරීන් කියයි. චින් වයි-8 වර්ගයේ සමුද්‍ර මුර සංචාරක යානා දෙකක් මෙලෙස අවස්ථා දෙකක දී තායිවාන් ගුවන් සීමාවට ඇතුළු වූ බව තායිවානයේ ගුවන් හමුදා ප්‍රකාශකයකු පවසා ඇත. තායිවානයේ ගුවන් හමුදාව ද මේ යානා පසුපස ලුහුබැඳ ගිය බවත් එසේ කළේ යානා තම ගුවන් සීමාවෙන් ඉවත්ව යන්නේ ද යන්න සැකහැර දැනගැනීමට බවත් තායිලන්ත ගුවන් හමුදාව කියයි.
මේ සිදුවීමට පෙර චීන යුද ගුවන් යානයක් ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද ගුවන් යානයක් ආසන්නයට ගමන් කිරිමේ සිද්ධියක් ද වාර්තා විය.
චීන ආරක්ෂක අමාත්‍යාංශය විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ තම යානා නියමිත ගුවන් සීමාවේ සාමාන්‍ය පරිදි ගමන් කළ බවයි. කිසිදු අසාමාන්‍ය දෙයක් සිදුනොවූ බව ද ඔවුන් පවසයි.
1949 සිදුවූ සිවිල් යුද්ධයකින් පසු තායිවානය චීනයෙන් වෙන් වී වෙනම රටක් බවට පත්විය. රටවල් දෙක අතර ආර්ථික බැඳීම් තිබුණ ද දේශපාලනික වශයෙන් ඇත්තේ බොහෝ දුරස්ථ බවකි.


