බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
ගිනිකොන සිරියාවේ ගම්මානයකට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවකින් කුඩා දරුවන් 10 දෙනකු ඇතුළුව සිවිල් වැසියන් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය කියයි.
මෙම ගම්මානය ‘ඉස්ලාමික් ස්ටේට්’ සංවිධානයේ පාලනයට නතුව තිබෙන ගම්මානයක් යැයි ද පැවසේ.
“ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද කියන්න අපි හරියටම දන්නේ නැහැ. ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය හෝ ඉරාක හමුදා මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි අපි සිතනවා” යැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
හසාකේ පළාතේ අල් ක්සාර් ගම්මානයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

