ගිනියාවේ කොළරා වසංගතයක්


ගිනියාවේ කොළරා වසංගතයක් පැතිර යමින් පවතින බවත් මේ වනවිට ඊට අසූ දෙදෙනකු ඊට බිලි වී ඇති බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. කොළරා රෝගීන් 2,054 දෙනකු රෝහල්වල ප‍්‍රතිකාර ගනිමින් සිටින බව ද ගිනියාවේ සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. ගිනියාවේ කොළරා රෝගය වසංගත තත්ත්වයකට පත් වුණේ පසුගිය පෙබරවාරි මාසයේ සිටය.