රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී කාන්තාවන් හා සංවාදයේ යෙදීම තමන්ට තරම් නොවන බව සදහන් කළ දැඩිමතධාරී ඉස්ලාමික වියතෙකුට එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදිනියගෙන් කනපුරා අසාගැනීමට සිදුවිය.
ලෙබනනයේ අල් ජරීඞ් රූපවාහිනිී සේවාව ඔස්සේ විකාශනය කෙරුණු මෙම වැඩසටහනේදී එය මෙහෙයවූ රීමා කරාකි නම් මාධ්‍යවේදිනිය අයිඑස් සංවිධානයට වෙනත් ආගම් අදහන පුද්ගලයින්ද එක්වීමේ ප‍්‍රවණාවක් ඇතිවෙමින් තිබීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ගෙන් කරුණු විමසුවාය.
ලන්ඩනයේ පදිංචිව සිටින ඉස්ලාමික වියතෙකුගෙන් මේ පිළිබඳ ඇය තොරතුරු විමසමින් සිටියදී ඔහු ඇයගේ ප‍්‍රශ්න වලට පිළිතුරු නොදී වෙනත් පෙදෙසකට කතාව රැගෙන යෑමට තැත් කළ අතර ඇය ඊට ඉඩ නොදුන්නාය.
මෙහිදී දැඩි සේ කෝපයට පත්වූ ඔහු තමන් තමන්ට කැමති දේ පවසන බවත් එය අසා සිටින ලෙසත් ඇයට තර්ජනය බැණවැදුනේය.
නැවතත් ඇය ඉතාම විනීතව හා මනා සංයමයෙන් යුතුව වැඩටසහනට ඇත්තේ සීමිත ගුවන්කාලයක් බවත් එ නිසා මාතෘකාවට අදාළ අදහස් දැක්වීම වැදගත් බවත් ඔහුට පෙන්වා දුන්නාය.නමුත් ඇයට ඇහුම්කන් දුන්නේ ඔහු නොවේ.
මා වැනි කෙනෙකුට උපදෙස් දෙන්න කාන්තාවක් වන ඔබ කවුද? ඔහු විමසුවේය.
එය අසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බවක් පෙනුනු රීමා කරාකි වැඩටහන මෙහෙයවන්නේ තමන් බවත් එනිසා තමන් අසන ප‍්‍රශ්න වලට පිළිතුරු දිය යුතු බවත් පැවසුවාය.
කාන්තාවන් පහත් කොට සළකන පුද්ගලයෙකු හා සංවාදයේ යෙදීමට තමන්ද මෙම වැඩසහටන නරඹන ප්‍රෙක්ෂකයින්ද අකැමැති බව ඔහුගේ මුහුණටම පවසා සිටි ඇය සබදතාවය විසන්ධි කළාය.
මේ සියල්ල සජීවීව විකාශනය කෙරුණි.
රීමා කරාකි අගයමින් ලොව සියලූදෙසින් ඇයට සුභපැතුම් ගලා එමින් තිබෙන අතර කාන්තාවන් වෙනුවෙන් හඩ නැගීම නිසා ඇයට විශාල ප‍්‍රසාදයක් මේ වන විට හිමිව තිබේ.
කාන්තා හිංසනය හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට දැන් කාන්තාවන් පෙරට වඩා ඉදිරියට පැමිණ කි‍්‍රයාකරමින් සිටින බව මෙය උදාහරණයක් ලෙස ගෙන පෙන්වන විචාරකයින් කියයි.
නමුත් දැඩිමතධාරී ආගමික නායකයින් හා වෙනත් කණ්ඩායම් තවමත් තමන්ගේ පිළිවෙත් වෙනස් කරගෙන ඇති සෙයක් පෙනෙන්නට නොමැත.




