මාට්හිදීය (රොයිටර්)
නැගෙනහිර ග්‍රීසියේ ඇති වී තිබෙන ලැව් ගිනි වලින් 24 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
ලැව්ගිනි ඇති වූ සැණින් ගම්බිම් අත්හැර ගිය පිරිස් ද තැන් තැන්වල සිරවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැන්ස් සිට කිලෝමීටර 29ක් දුරින් පිහිටි මාටි ගම්මානයෙන් ලැව් ගිනි ආරම්භ වී තිබේ.
වසර 2007 ග්‍රීසියට බලපෑ ලැව්ගිනි වලින් පසු එරටට බලපෑ ප්‍රබලතම ලැව්ගිනි තත්ත්වය මෙය යැයි ද පැවසේ.
055

