18 හැවිරිදි දැරියක බල්ලකුට විවාහ කර දීමට නැගෙනහිර දිග ඉන්දියාවේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයක වැසියෝ කටයුතු කළහ.
දැරියට බන්ධනයක් සිදුකර ඇතැයිද ඇය පිරිමියෙකු හා විවාහ වන්නේ නම් එය ගමට මෙන්ම ඇයගේ පවුලටත් අවාසනාව ගෙන එනු ඇතැයිද ගමේ යකදුරා පැවසූ හෙයින් මෙසේ ඇයව බල්ලකුට විවාහ කර දුන් බව ඔවුහු පැවසූහ.
කෙසේ නමුත් බන්ධනයේ බල බිදුණු පසු ඇයට නිසි පරිදි විවාහයක් සිදුකර ගත හැකි යැයිද යකදුරා පැවසූ බව ඇයගේ පියා සඳහන් කළේය.
මුන්ග්ලි මුන්ඩා නම් වූ මෙම දැරිය හා ඇයගේ ‘‘මනාලයා‘‘ වූ ෂේරු සාම්ප්‍රදායික ඇදුමින් පැළදුමින් සැරසී සිටිනු දැකගත හැකිවුනි.
මනාලයා තැති ගැන්මට පත්ව සිටින සෙයක් පෙනුනි.නමුත් ක්‍රමයෙන් ඔහු සන්සුන් විය.
උත්සවයේ අවසානභාගය වන විට මේ සිව්පා මනාලයා සිටියේ නිදාගෙනය.
මුන්ග්ලි මුන්ඩාට තවත් වසර කිහිපයක් යන තෙක් ෂේරුව හොදින් බලා කියාගෙන සිටීමට සිදුවනු ඇත.
ඕනෑම ගැහැණු ළමයෙකු මෙන් තමන්ගේද සිහිනය කවදා හෝ හොද ස්වාමිපුරුෂයෙකු ලබාගැනීම බව පවසන ඇය තමන්ට කර ඇති බන්ධනයේ බල බිදුණු විගසම ගැලපෙන පුරුෂයෙකු තෝරාගෙන විවාහ දිවියට එළැඹීමට අදිටන් කරගෙන සිටින්නීය.





