අර්බිල්හිදීය (රොයිටර්)
උතුරු ඉරාකයේ කුර්දිස්තාන ප්‍රාදේශීය ආණ්ඩුවට අයත් පරිපාලන ගොඩනැගිල්ලකට තුවක්කුකරුවකු ඇතුළු වී ඇතැයි වාර්තා වේ.
අර්බිල් නුවර පිහිටි පරිපාලන ගොඩනැගිල්ලකට එලෙස තුවක්කුකරුවකු ඇතුළු වී තිබෙන අතර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ද එල්ල වී ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ සහ කුර්දි ආරක්ෂක අංශ සඳහන් කරති.
තුවාල ලැබූවන් පිළිබඳ හෝ නිශ්චිත තොරතුරු කිසිවක් වාර්තා නොවූ අතර ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබුවේ යැයි වාර්තා විය.
055

