මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතන සිද්ධිය පටිගත වී ඇති හඬ පටය ඇසීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම හඬ පටය ඇසීම ඉතා අපහසු කාර්යක් බව ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබේ.
ජමාල් කශෝග්ජිගේ ඝාතනය ඝෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝගයකට අනුව සිදුකළ බව සීඅයිඒ විසින් පසුගියදා හෙළිදරව් කළේය.
ඉකුත් ඔක්තෝබර් 2 වැනි දා විවාහ සහතික සකස් කර ගැනීමට සෞදි කොන්සල් කාර්යාලයට ගිය විටදී කශොග්ජී ඝාතනය කර ඔහුගේ සිරුරේ කොටස් ඇසිඩ් දියර යොදාගෙන දියකර තිබු බව වාර්තා විය.
(28535)

