ලකුණක් ලබා ගැනීමේ සතුට සැමරීමට කරණමක් ගැසූ ඉන්දියා ජාතික පාපන්දු කී‍්‍රඩකයෙකු කරණම වැරදී හිස පොළවේ වැදී සුසුම්නාවට සිදුවූ ආබාධයන් නිසාවෙන් මෙලොව හැර ගියේය.
මියගිය කී‍්‍රඩකයාගේ වයස අවුරුදු 23 කි.ඔහු ඉතා දක්ෂ කී‍්‍රඩකයෙකු බව ඔහුගේ කණ්ඩායම් සගයෝ කියන්නෝය.
සිරුර වටයක් කැරකී යන සේ කරණමක් ගැසීමට තැත් කිරීමේදී ඔහු තමන්ගේම හිස මත පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇත.
වහ වහා රෝහල් ගත කෙරුණද සුෂුම්නාවට සිදුව තිබූ හානිය බරපතලවීම නිසාවෙන් වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය හමුවේ වුවද ඔහුගේ දිවි ගලවා ගැනීමට නොහැකි විය.
රෝහල් ගත කර දින 5 කින් ඔහු මිය ගියේය.
සතුට සමරන්නේවුවද එයද සැළකිල්ලෙන් සිදුකළ යුතු දෙයක් බවත් පණ නම් තණ අග පිනිබිදු වැන්නක් බව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් හොදින් අරුත් ගැන්වෙන බවත් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෝ පවසන්නෝය.




