බර්ගර්, සිසිල් බීම වැනි ක්ෂණික ආහාර පාන වර්ග බඩ වැඩිකරනවා පමණක් නොව මොළය ‘‘අඩු” කරන බව ඕස්ටේ‍්‍රලියා පර්යේෂක පිරිසක් කියති.
ඔවුන් පවසන්නේ නව යොවුන් වියේ දරුවන් මෙවන් ආහාර පාන භාවිතයට හුරු වුවහොත් තරුණ හා වැඩිහිටි විය එළැඹෙන විට ඔවුන්ගේ මතක තබා ගැනීමේ හැකියාව,ක්ෂණිකව ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇතුළු මොළයේ සමස්ථ කි‍්‍රයාකාරීත්වයම අඩපණ වන බවයි.
මෙම නිගමන වලට එළැඹීම සඳහා ඔවුන් භාවිත කර තිබෙන්නේ විවිධ ආහාර වර්ග ගැනීමට හුරුව සිටින පුද්ගලයින් ඉලක්ක කර ලබා දී ඇති ප‍්‍රශ්නාවලියකින් ලබාගත් තොරතුරුය. ක්ෂණික ආහාර ගැනීමට පුරුදුව සිටින පුද්ගලයින් ප‍්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දීම අතින් අනෙක් අයට වඩා ඉතා පසුපසින් සිටින බව සොයාගැනීමට මෙහිදී හැකිව තිබෙන බව සඳහන්ය.
ක්ෂණික ආහාර වල ඇති සරල කාබෝහයිඩ්‍රේටයන් හා අධික මේදය මෙවන් තත්ත්වයක් ඇතිවීම සඳහා හේතු ලෙස පර්යේෂකයින් පෙන්වා දේ. විශේෂයෙන්ම නව යොවුන් වියේදී මොළයේ වැඩීමට නිසි පරිදි ආහාර ගැනීම අවශ්‍ය බව ඔවුන් අවධාරණය කරයි.






