ඕස්ට්‍රේලියාවේ මහල් 38 ක ගොඩනැගිල්ලක ඉරිතැලීමකින් ජනතාව ඉවත් කරයි



 ඕට්‍රේලියාවේ සිඩ්නි නුවර  පිහිටි මහල් 38 කින් යුතු  ගොඩනැගිල්ලක බිත්තියක් ඉරිතැලිම හේතුවෙන්  ගොඩනැගිල්ලේ සිටි  ජනතාව ඉවත් කර ඇත.
 
එකරවරම මතු වු විශාල හඬක් සමඟ මෙම ඉරිතැලීම හේතුවෙන්  ඒ පිළිබඳව අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කරමින් ඉතා අරක්ෂිතව එහි පදිංචිව සිටින පිරිස් ඉවත් කර ගැනීමට හැකි වී  ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
 
මීට පෙර අවස්ථාවකදීද  මෙලෙසම ඇති වු ඉරිතැලීමක් හේතුවෙන්  එහි සිටි ජනතාව ඉවත් කිරීමට සිදු වී තිබේ.
 ඇති වු මෙම තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා  ඉංජිනේරුවන්  යොදවා ඇති අතර ගොඩනැගිල්ලේ ආරක්ෂාව පිළිබඳවද සැලකිලිමත්  බව  එහි ඉදිකිරීම් සමාගම පවසන අතර  කඩිනමින් එය අලුත්වැඩියා කර ජනතාවට ඉතා ආරක්ෂිත ස්ථානයක් ලෙස ලබා දීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර  තිබේ.
 
මේ සඳහා දින 10 ක් පමණ ගතවනු ඇති. ඒ දිනයහි  නිවැසියන්ට සියලු පහසුකම්  ලබා දීමටද ඔවුන් කටයුතු කර ඇත.
 
 මේ සිදු වීම සම්බන්ධයෙන් කුපිත වු ජනතාව සිය  අපසාදය පළ කරමින් පමිණිලි කරමින් පවසනුයේ  මෙම ගොඩනැගිල්ලෙන් ඉවත්ව යන  බවද  මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
 
( බීබීසී ඇසුරෙනි)

 (36698)