ඉන්දීය නිල සංචාරයෙන් පසු ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා මහතා කෙටි සංචාරයක් සදහා පසුගිය අගහරුවාදා සෞදි අරාබියේ රියාද් නුවරට ළගාවූ බව සෞදි මාධ්‍ය සෞදි මාධ්‍ය සඳහන් කරයි.
රියාද් නුවරදී සෞදියේ සලමන් නව රජතුමා බරක් ඔබාමා උණුසුම් ලෙස පිළිගත්තේය.
ඉන්දීය නිල සංචාරය අවසන්වූ විගස සෞදි අරාබියට පැමිණි බැරක් ඔබාමා පැය හතරක කාලයක් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීය. අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජු වෙනුවෙන් ගරු බුහුමන් දැක්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. ඔබාමා මහතා සලමාන් රජු හා නිලධාරින් සමග රාත්‍රී භෝජන සංග්‍රහයයකට සහභාගිවුයේ එග්රා මන්දිරයේදීය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී,හිටපු රාජ්‍ය කෙකම් කොන්ඩලීස රයිස් ,ජේ ජේම්ස් බේකර් ද ඔබාමා සමඟ වුහ.





