අමෙරිකා ජනපති බැරක් ඔබාමා තමාගේ කලිසම් සාක්කුවේ නිරන්තරයෙන් බහා තබාගෙන යන යන තැන රැගෙන යන විශේෂ මතක සටහන් කිහිපයක් පිළිබඳව එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඔහුගේ දේශපාලන ජීවිතයේදී මුණ ගැසුණු ලොව ප්‍රබල චරිත කිහිපයක් ඔහුට තෑගි කළ මහාර්ඝ වස්තු ඔහුගේ කලිසම් සාක්කුවේ ඇති බවත් ඒ අතර බුදු පිළිමයක්ද ඇති බවත් ඔබාමා පවසා ඇත.
බෞද්ධ භික්ෂුවක් ඔබාමාට එම බුදු පිළිමය තෑගි කර ඇත. ප්‍රැන්සිස් පාප් වහන්සේ ඔබාමාට ලබාදුන් කිතුනු මාලයක්, කාන්තාවක දුන් හනුමන් දේවරූපයක්, කුරුසයක් ආදී ආගමික සංකේතද තවත් ද්‍රව්‍යද ඔහුගේ සාක්කුවේය.




