එම්ආර්එයි පරිලෝකන යන්ත‍්‍රයකට රෝගියෙකු ඇතුල් කිරීමට ගිය ඉන්දීය ජාතික රෝහල් සේවකයෝ දෙදෙනෙක් ඇබැද්දියකට මුහුණ පෑහ.
රෝගියා ඇතුළු කිරීමට ප‍්‍රථමයෙන් යන්ත‍්‍රය පිළියෙල කිරීමේ නිරතව සිටි ඔවුන් අතින් වැරදීමකින් යන්ත‍්‍රය කි‍්‍රයාත්මක විය.
ඒ සමගම කාමරය අනෙක් කොනේ තිබුණු ඔක්සිජන් සිලින්ඩරයක් යන්ත‍්‍රය වෙත පියඹා ආවේය.සේවකයින් දෙදෙනාවද සිරකරගෙන සිලින්ඩරය නතර වූයේ එම්ආර්අයි යන්ත‍්‍රය ඇතුළේය.
පැය 4 ක පමණ කාලයක් ඔවුහු එහි සිරවී සිටියහ. දෙදෙනාගේ ප‍්‍රමාදය ගැන අවධානය යොමුකළ ඔවුන්ගේ මිතුරන් නොපැමිණෙන්නට ඔවුන් තවමත් යන්ත‍්‍රයේ සිරවීය.
මුදාගත් දෙදෙන වහා රෝහල් ගත කෙරුණි. ඔක්සිජන් සිලින්ඩරය වැදී දෙදෙනාගේම අත් හා පාද වල අස්ථි බිදී තිබුණි.
එම්ආර්අයි යන්ත‍්‍රයේ තිබූ ප‍්‍රබල චුම්භකය කි‍්‍රයාත්මක වී එහි බලයට ඔක්සිජන් සිලින්ඩරය හසුවීම මේ අනතුරට හේතුව බව සඳහන්ය.




