නයිජීරියාවේ කි‍්‍රයාත්මක බෝකෝ හරාම් අන්තවාදී සංවිධානය තමන් අයිඑස් සංවිධානය හා අත්වැල් බැදගැනීමට සැරසෙන බව සඳහන් කරමින් හඩ පටයක් නිකුත් කර තිබේ.
අයිඑස් සංවිධානයේ ලොව පිරිසිදු කිරීමේ කි‍්‍රයාදාමය හා එක්වීමට තම සංවිධානයද සූදානම්යැයි බෝකෝ හරාම් නායකයින් පවසා සිටිනු එම හඬ පටයේ සටහන්ව ඇත.
බෝකෝ හරාම් සංවිධානය තම සංවිධානය හා එක්වීම මහත් ඉහළින් පිළිගන්නා බව ප‍්‍රකාශයට පත්කර තිබෙන අයිඑස් සංවිධානය සිරියාවට පැමිණ ශුද්ධවු දේශය දිනාගැනීමේ සටනට එක්වීමට අපහසු පුද්ගලයින්ට දැන් බටහිර අපි‍්‍රකාවේ බෝකෝ හරාම් සහෝදරවරු හා එක්වී අයිඑස් සංවිධානයට පක්ෂපාතීත්වය පළකළ හැකිබව සඳහන් කර තිබේ.
නයිජීරියා ආරක්ෂක අංශ වලට අනුව බෝකෝ හරාම් අන්තවාදීහු අයි එස් සංවිධානය හා සබඳතා ඇතිකරගෙන සිටින්නේ බොහෝ කාලයකට පෙර සිටය.බොකෝ හරාම් අන්තවාදීන්ට අවැසි අවි ආයුද ලැබෙන්නේ අයිඑස් සංවිධානය හරහා බව ඔවුන් පවසයි.
මෑත සමයේ බෝකෝ හරාම් අන්තවාදීන්ට සිරියාවේදී සටන් පුහුණුව පවා ලබාදීමට අයිඑස් සංවිධානය කටයුතු කර ඇතැයිද හෙළිව තිබෙන්නකි.
දෙපාර්ශවයේ එකතුව නයිජීරියාවට කිසිසේත්ම සුභ ආරංචියක් නොවේ.එරට ආරක්ෂක අංශ යම්තාක් දුරටක බෝකෝ හරාම් අන්තවාදීහු මර්දනය කිරීමට සමත්ව සිටියද මෙසේ ඔවුන් අයිඑස් සංවිධානය හා එක්වීම බෝකෝ හරාම් සංවිධානයේ නැවත නැගිටීමකට හේතු වනු ඇත.
පසුගිය කාලයේ නයිජීරියාවේ සිදුවූ ඝාතන 10000 කට පමණ වගකිව යුතු වන බෝකෝහරාම් අන්තවාදී සංවිධානය ප‍්‍රතිපත්තියක් නොමැති,උමතුවෙන් මෙන් හැසිරෙන පිරිසකගෙන් සැදුම් ලදෙකැයි සැළකෙන්නකි.
නයිජීරියාවේ දේශසීමා අසළ වනයේ සැගව සිටින බෝකෝ හරාම් අන්තවාදියෝ අසළ ගම්බිම් වලට පැන ගම් වැසියන් මරා දැමිීම,දේපළ විනාශ කිරීම ආදිය සිදුකරති.පසුගිය දිනෙක නයිජීරියාවේ නගරාසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයද බෝකෝ හරාම් ගිණුමට බැර වන්නකි.එම බෝම්බය බඩ බැදගෙන පැමිණියේ සත් හැවිරිදි කුඩා දැරියකි.
අයිඑස් සංවිධානය හා එක්වූ පසු බෝකෝ හරාම් අන්තවාදීහු තවත් කෙතරම් දරුණු වනු ඇතිදැයි සිතාගතවත් නොහැකි බව යුද විශ්ලේෂකයින් කියයි.මෙනිසා දැන් දැන්ම ළග එන ව්‍යසනය මර්දනය කිරීමට නයිජීරියා රජය පියවර ගතයුතුව ඇතැයි ඔවුන් පවසයි.






