එක්සත් ජාතීන්ගේ මහලේකම් යේමන - හවුති සාකච්ඡාවලට


යේමන් රාජ්‍ය සහ හවුති කැරැලිකරුවන් අතර හෙට ස්වීඩනයේදී  පැවැත්වෙන  සාකච්ඡාවලට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වන අන්තෝනියෝ ගුටේරස්  සහභාගී වනු ඇත.
 
එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සාම සාකච්ඡා සඳහා මැදිහත් වී ඇත්තේ දේශපාලන විසදුම් මත දෙපාර්ශවය අතර සමඟිය ඇති කිරීමේ බලාපොරොත්තුවෙනි.
 
ජනාධිපති අබ්ද් රබූහ් මන්සූර් හදීගේ ආණ්ඩුව සහ  හවුති කැරලිකරැවන් සමඟ  ප්‍රධාන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. 
 
වත්මන් රාජ්‍ය සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් බලාත්මක කරන ලද හමුදාවකින් බලාත්මක කර ඇත.
 
මෙය ලෝකයේ දරුණුම මානුෂික අර්බුදයක් වන අතර  මිලියන 14 පමණ මිනිසුන් පීඩාවන්ට මුහුණ දෙති.
 
එසේම විනාඩි 10 කට වරක්  වැලැක්විය හැකි හේතු වලින් එක් දරුවෙකු  මිය යයි.
 
 
(63226)