උස්බෙකිස්තානයේ ජනාධිපතිවරණයක්


උස්බෙකිස්තාන ජනාධිපතිවරණය ඇරැඹිණි. උස්බෙකිස්තානය යනු මධ්‍යම ආසියානු කලාපයට අයත් රාජ්‍යයකි.

උස්බෙකිස්තානයේ ජනාධිපති ධුරය හොබවන 65 හැවිරිදි ෂව්කාත් මිරිසියෝයේව් තෙවැනි ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී.

ඡන්ද ප්‍රකාශ කිරීම උදෑසන 8 ට ආරම්භ වූ අතර සවස 8 තෙක් පැවැත්විණි. මිලියන 20 ක ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව පැවැසෙයි. මධ්‍යම ආසියානු කලාපයේ ජනගහනය වැඩිම රට වන්නේ ද උස්බෙකිස්තානයයි.