උතුරු කොරියාවේ-දකුණු කොරියාවේ නායකයින් යළි හමුවීමේ සුදානමක්


උතුරු කොරියානු නායක  කිමි ජොන් උන්  දකුණු කොරියානු නායක  මුන් ජේ ඉන් සමඟ සාකච්ඡා  කිහිපයක් පැවැත්වීම සඳහා එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.


එළැඹෙන වසරේ (2019) දී මෙම සාකච්ඡා  පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ.


 දෙරට නායකයින් මීට පෙර තුන් වතාවක් හමු වී ඇති අතර  කොරියානු අර්ධවීපයේ  න්‍යෂ්ඨික අවි පරිහණය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් වී තිබේ.


සොල් නුවර  පිහිටි ජනාධිපති මන්දිරයට ලිපියක් යොමු කරමින්  උතුරු කොරියානු නායකා පවසා ඇත්තේ  දෙරට අතර සාමය වෙනුවෙන්  තමන් සාකච්ඡාවකට තමා කැමැත්තෙන් සිටින බවයි.


මේ වසරේදී (2018)  සොල් නුවරට යෑමට නොහැකිවීම පිළිබඳව තමා කණගාටුව ප්‍රකාශ කරන බවද ඔහු දන්වා  ඇතැයි වාර්තා වේ.

 

එමෙන්ම පසුගිය දිනෙක උතුරුකොරියාවේ   අග නගරයේ  කළ සංචාරයකදී  දකුණු කොරියානු ජනාධිපතිවරයා  පවසා ඇත්තේ  දෙරට යළි එකමුතු විය යුතු බව  යැයිද එරට මාධ්‍ය සඳහන් කර තිබිණි.

 
 (36698)
( බීබී සි ඇසුරෙනි)