උතුරු කොරියාව ‘කොරියානු යුද්ධයේදී’ මියගිය සොල්දාදුවන්ගේ භෂ්මාවශේෂ ඇමෙරිකාවට බාරදෙයි


සෝල්හිදීය /වොෂින්ටන්හිදීය (රොයිටර්)
 
කොරියානු යුද්ධයේදී මියගිය ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ භෂ්මාවශේෂ ඇතුළත් පෙට්ටි 55ක් උතුරු කොරියාව අද (27) ඇමෙරිකාවට බාර දුන්නේය.
 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය ජූනි මාසයේදී සිංගප්පූරුවේ පැවැති හමුවේ ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියාව කොරියානු යුද්ධයේදී මියගිය ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන් පිරිසකගේ භෂ්මාවශේෂ මෙලෙස ඇමෙරිකාවට බාර දෙන ලදි. 
 
බාරදෙන ලද පෙට්ටි එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කර තිබිණි. 
“වසර ගණනකට පසු මෙය පවුල් රැසකට සුවිශේෂී අවස්ථාවක් වේවි. කිම් ජොන්ග් උන් ඔබට ස්තූතියි” ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් උතුරු කොරියානු නායකයට සුබ පැතුම් එක් කර තිබිණි. 
 
055