පෘථිවියේ සිට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දක්වා කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට ගුවන්යානා නිෂ්පාදක සමාගමක් වන බෝයිංග් සැරසේ.
කෙසේ නමුත් මේ කුලී රථයේ ආසනයක් වෙන් කරගන්නට එසේ මෙසේ පුද්ගලයෙකුට නොහැකි වනු ඇත.දැනට මෙම අභ්‍යාවකාශ කුලී රියේ අසුනක් මිල කර ඇත්තේ ඩොලර් ලක්ෂ 500 ක (රුපියල් 65380) මුදලකටය.
අභ්‍යාවකාශ යානා ව්‍යාපෘතිය අත්හැරීම නිසාවෙන් පසුගිය කාලය පුරාවට නාසා ආයතනයට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමිීන් යැවීමට රුසියාවේ පිහිට පැතීමට සිදුවූ අතර නමුත් දෙරට අතර සබදතා පළුදු වීම නිසාවෙන් දැන් එම අවස්ථාව පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට නාසා ආයතනය කටයුතු කර ඇත.
බෝයිංග් සමාගම මෙසේ නාසා ආයතනය හා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමිීන් ප‍්‍රවාහනය කිරීම සදහා ගිවිසුම් අත්සන් කර ඇති සමාගමක් වන අතර ඔවුන් සැරසෙන්නේ එම ගගනගාමීන්ද සමග එක් සංචාරකයෙකුත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යවා අමතර මුදලක් උපයා ගැනීමටයි.
කෙසේනමුත් බෝයිංග් සමාගමේ අදහස සම්බන්ධයේන නාසා ආයතනය මේ දක්වාම කිසිත් සදහනක් කර නොමැත. අභ්‍යාවකාශ සංචාරයත් නුදුරේදීම ආරම්භ වන ලකුණු පෙනෙන්නට ඇති අතර දැනටමත් පෞද්ගලික සමාගම් බොහෝමයක් අභයාවකායට සංචාරකයින් ගෙනයා හැකි යානාවන් නිර්මානය කරමින් සිටී.
ඩොලර් බිලියන ගණනක් වටිනා මෙම ක්ෂේත‍්‍රයෙන් එම වටිනාකම මෙන් දෙගුණ තෙගුණ ගණනින් මුදල් උපයා ගැනීමට මෙම සමාගම් වලට හැකිවනු ඇතැයි පැවසේ.



