වැටට උඩින් විසිකෙරුණු මස් කැබැල්ල ඩැහැ ගැනීමට වැටටත් වඩා උසකට පනින ව්‍යාඝ‍්‍රයෙකු දකුණු අපි‍්‍රකාවේ වනෝද්‍යානයක දැකගත හැකිවිය.
සංචාරකයින් පිරි රිය වැටට එහා නතර කර තිබියදී වනෝද්‍යානයේ සේවකයා විසි කරන මස් කැබැල්ල ඩැහැගැනීමට ව්‍යාඝ‍්‍රයා අඩි 10 කටත් වඩා උසකට පනින්නේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.
ඔවුන් සිටිනා ප‍්‍රදේශය වටකර ඉදිකර තිබෙන වැටවත් අඩි 10 ක් උස නැත. නමුත් ඒ බව මේ ව්‍යාඝ‍්‍රයා නොදන්නා සෙයකි.
දකුණු අපි‍්‍රකාවේ බොහෝ වනෝද්‍යාන වලින් සතුන් අසලටම ගොස් ඔවුන් නැරඹීමට අවස්ථාව ඇත. මෙම වනෝද්‍යානයද එවැන්නකි.
උඩ පැනීමට පමණක් නොව දිගු පිමි පැනීමටත් ව්‍යාඝ‍්‍රයෝ දක්ෂයෝය.





