ඊජිප්තුවේ සිදුවුණු හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, එරටට ලබා දෙන ආධාර තාවකාලිකව නවතා දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරිකා රජය ඊයේ (4) කියා සිටියේය.
ඊජිප්තුවේ සිටින තම තානාපති නිලධාරීන්ට වහාම රටින් පිටවන්නැයි ද දැනුම් දුන් බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
ඊජිප්තුවේ බලය අල්ලා ගත් හමුදාවට ඇමෙරිකා රජය කියා සිටියේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින ලෙසත්ය.

