ඊජිප්තු ජනපති පන්නයි


ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් අනතුරුව ඊජිප්තුවේ ව්‍යවස්ථා සම්පාදන අධිකරණයේ අග විනිසුරු ඇඩ්ලි මහමුද් මන්සූර් අන්තර් පාලන නායකයා වශයෙන් දිවුරුම් දුන්නේය.

මාස කීපියක් තිස්සේ ජනාධිපතිට එරෙහිව ඊජිප්තුවේ සිවිල් යුද තත්ත්වයක් පැවතියේය.

නව නායක මන්සූර් යුද හමුදාවේ ක්‍රියා කලාපය පැසසුමට ලක් කළේය.

පසුගිය ඉරිදා සිට ඇතිවූ ගැටුම්වලින් අඩුගනනේ පනස් දෙනෙක් මරුමුවට පත් වූහ.