ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) බෝම්බ 6 ක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 26 දෙනෙක් එයින් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 54 කි.
බෝම්බ පුපුරා ගියේ ඩුජාලී, මදීන්, මොසූල් සහ රමාදි යන නගරවල ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත්වන ප‍්‍රදේශවලය.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් සටන්කාමීන් කියාය.

