ඉන්දියාවේ හිටපු විදේශ අමාත්‍යවරියක සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන, සුෂ්මා ස්වරාජ් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 67 හැවිරිදි වියේ පසුවූවාය.
සුෂ්මා මහත්මිය හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ(06) රාත්‍රියේ මිය ගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටුයුතු සම්බන්ධ අමාත්‍යවරියක වශයෙන් ඇය 2014 සිට මේ දක්වා සේවා කටයුතුවල නිරතව සිටියාය.
(ඩේලි මිරර් ඇසුරිනි)
16844


