වංචා දූෂණ හා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් හේතුවෙන් ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනිඅප්පන් චිදම්බරම් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට මධ්‍යම විමර්ශන කාර්යංශය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ නිවස ඉදිරිපිටදී ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවෝ සහ මාධ්‍යවේදීහුද එම ස්ථානයේ රැස්ව සිටියහ.
කෙසේ වෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
-226-


