
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, කඳුකර ප්‍රදේශයේ ගම්මානයක් නායයෑමට ලක්වුණු බවත් ගම්වැසියන් 100 ක් පමණ පස් සහ මඩ තට්ටු අතරේ සිරවී සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
සිරවුණු පිරිස් බේරා ගැනීම සඳහා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ වුවත්, ඇද හැලෙන මහ වැසි එම කටයුතුවලට බාධාවක් වී ඇතැයි ද පැවැසිණි.
නායයෑමට ලක්වූයේ ඉර්ෂල්වාදි කඳුකරය පාමුල පිහිටි කුඩා ගම්මානය යැයි පැවැසෙයි. ගම්මානය නායයෑමට ලක්වූයේ රාත්‍රී කාලයේය. ඒ වනවිට ගම්වැසියෝ නින්දේ පසුවූහ.
පස් සහ මඩ තට්ටු යට සිරවී 80 දෙනකු බේරා ගත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. නානයයෑමට ලක්වුණු මෙම ගම්මානයේ 225 දෙනකු ජීවත් වන බව ද පැවැසෙයි.
මහාරාෂ්ට්‍රයේ නියෝජ්‍ය මහ ඇමැති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් මාධ්‍ය හමුවේ කියා සිටියේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බවය. පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු ඇතැයි ද නියෝජ්‍ය මහ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.

