ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට


ඇමෙරිකාවේ, කැලිෆෝනියා ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මෙම ජනවාරි මාසයේ කැලිෆෝනියා ජනපදයේ සිදුවුණු සිවුවැනි වෙඩි තැබීම මෙයයි.

වෙඩි තැබීම සිදුවූයේ බෙවර්ලි ක්‍රෙස්ට් පළාතේය.

වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වෙඩි තැබීමෙන් තවත් සිවු දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)